• Sri Sambuddha Parinirvanaya - ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණය

■ශාස්ත්රීය කෘතිය පිළිබඳව -----------

ත්රීපිටකයේ එන දීර්ඝතම සූත්රය වශයෙන් සැලකිය හැකි "මහා පරිනිබ්බාණ සූත්රය" මුඛය මූලාශ්රය කොට ගනිමින් ගෞතම බුදුන් වහන්සගේ ( ක්රි.පූ 623 - 543 ) ඒ අසමසම ශ්රී සම්බුද්ධ චරිතයේ අවසන් තෙමස පිළිබඳව කෙරෙන ශාස්ත්රීය විවරණය යි " ශ්රී සම්බුද්ධ පරිනිර්වාණය."

මවිසින් ලින්කන් සම්භාව්ය පර්යේෂණ
( Lincoln Classic Research ) නම් වූ යුරෝපීය සම්භාව්ය පර්යේෂණ සම්ප්රදාය ගුරු කොට ගනිමින් බුදුන් වහන්සේගේ චරිතයේ මානුෂීය ලක්ෂණ හා උත්තරීතර ලක්ෂණ ද එහිලා පසුබිම් වූ ථෙතිහාසික කරුණු කාරණා ද පුරාවිද්යාත්මක කරුණු කාරණා ද එසේම අති දුර්ලභගණයේ පුරාවිද්යාත්මක ඡායාරූප තිස්දෙකක් ද ,පුරාවිද්යාත්මක සිතියම් දෙයක් ද අපමණ වෙහෙසක් දරා මෙහිලා අන්තර්ගත කොට ඇත්තේ ... මගේ කියවීමට අනුව බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය පිළිබඳව මෙතෙක් සැලකිය යුතු මට්ටමේ කිසිදු ශාස්ත්රීය විමර්ශනයක් කර නොමැති නිසා ය. එම බලවත් රිත්තකය මගේ ශක්ති ප්රමාණයට අනුව පුරවනු පිණිසමය මෙම වෙහෙසකර වෑයම.

● පසුවදන -------------

වෙසක් සඳ මෝරා උඩුගුවනට විත් අවරගිරින් බැස යමින් තිබුණි. උපවත්තන සාල වනෝද්යානය පුරාම වූයේ .... ශෝකයත් සංවේගයත් මුසුවූ පරිසරයකි.අකාලයට පිපී මුලු පරිසරයම වර්ණවත් හා සුගන්ධවත් කළ සල්මල් එකින් එක මඳ පවනට මුසුව බිමට පතිත වූයේ .... අනිත්යතාවය යළි යළිත් ලොවට පසක් කරමිනි. භාග්යවතුන් වහන්සේ අවසාන වතාවට ධ්යාන වලට සම වඳිමින් පිරිනිවන් මංචකයේ වැඩ සිටි සේක.
රහතන් වහන්සේලා හැර අන් සියලුම භික්ෂුන් වහන්සේලා පිරිණිවන් මංචකය දෙස කඳුළු වැගිරෙන දෙනෙතින් යුතුව ඇසපිය නොහෙලා බලා සිටියේ ... දුක් සුසුම් ගුවනට මුසු කරමිනි. සංස්කාර ධර්මයන්ගේ ස්භාවය මෙනෙහි කරමින් ධර්ම සංවේගය උපදවා ගත් රහතන් වහන්සේලා පමණක් නිහඬව පිරිනිවන් මංචකය දෙස බලා සිටියහ ....!!!

● පෙරවදන --------

සාහිත්යය චක්රවර්තී, අග්ගමහා සද්ධම්මජෝතිකධජ, ආචාර්ය, පූජ්
නියංගොඩ ධර්මකීර්ති ශ්රී සංඝරක්ෂිත විජිතසිරි අභිධාන ශ්රීමත් අනුනායක
ස්ථරයන් වහන්සේ ( සියම් නිකායේ මල්වතු විහාර පාර්ශ්වය) විසින් සපයන ලදි.

මගේ සටහන ------

මෙම ශාස්ත්රය කෘතිය වෙනුවෙන් කිසිදු ආකාරයේ උත්සවයක් එනම්, ජනගත කිරීමේ උත්සවයක් පවත්වනු නොලැබේ.මා විශ්වාස තබන්නේ මගේ නිර්මාණයන්හි වූ ශාස්ත්රීයත්වය හා ගුණාත්මකභාවය කෙරෙහි පමණි. ඒ මගේ ශාස්ත්රීය කාර්යයේ දර්ශනය යි.

මා හිතාදර පාඨකයෙනි -------

■මේ ගෙවී යන්නේ 'කඨින චීවර සමය"යි .එහෙයින් ඔබට ධර්ම දානයක් පූජා කරන්නට සිත් වීද , එසේ වී නම්, ගමේ පන්සලේ පොත්ගුල වෙනුවෙන් ද දහම් පාසලේ පුස්තකාලය වෙනුවෙන් ද එසේම පෞද්ගලිකවම භික්ෂූන් වහන්සේ නමක් වෙනුවෙන් ද මෙම ශාස්ත්රීය කෘතිය පූජා කිරීම මහත් ථල ආනිසංස ගෙන දෙන මහඟු පුණ්ය කර්මයකි.

පොදු පාඨකයන් වෙත ද .... මුලු හදවතින්ම ඇරයුම් කරන්නේ මෙම ශාස්ත්රීය කෘතිය පරිශීලනය කර ඔබගේ බුද්ධියට යමක් එකතු කර ගන්නා ලෙසයි.

උතුම් තෙරුවණේ ආශිර්වාදය පතමි

~පූජ්ය ඇතිපොළ මංගල හිමි~

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sri Sambuddha Parinirvanaya - ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණය

  • Rs. 375.00

  • KBOOKS Cashback Rewards: 38